May 08, 2024

ජ'පුර අලෙවි කළමනාකරණ කණ්ඩායම වාර්ෂික විවිධ ප්‍රසංගයට සැරසෙයි

September 22, 2015

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන 'Vibes of Marketing' වාර්ෂික විවිධ ප්‍රසංගය, පිට පිට සය වෙනි වරටත් එළඹෙන නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් යන බව එහි ප්‍රධාන සංවිධායක පමල් ද සේරම් මහතා 'ඒෂියන් මිරර්' වෙත පවසා සිටියේ ය.

2008 වසරේදී ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම විවිධ ප්‍රසංගය, විශ්ව විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට එළිමහන් ප්‍රසංගයක් ලෙස කරළියට පැමිණියේ 2012 වසරේදී බව එහි ඉතිහාසය පිලිබඳ විස්තර කරමින් සේරම් මහතා පැවසුවේ ය.

මෙවන් ප්‍රසංගයක් සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ සිසු සිසුවියන්ගේ  කලා කුසලතා එළිදැක්වීමට පදනමක් සකසා දීම බව පැවසූ ඒ මහතා ඊට අමතරව අධ්‍යනාංශයේ කීර්තිනාමය වර්ධනය කිරීම තවත් අපේක්ෂාවක් වූ බවද ප්‍රකාශ කළේ ය.

එමෙන්ම අධ්‍යනාංශයේ වත්මන් සිසු සිසුවියන්, ආදී සිසු සිසුවියන්, කථිකාචාර්යවරුන් ආදී සියල්ලන්ම ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් දායක වන, විශ්ව විද්‍යාලය තුල පැවැත්වෙන එකම ප්‍රසංගය 'Vibes of Marketing' බව පමල් ද සේරම් මහතා පවසා සිටියේ ය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 September 2015 12:42