May 07, 2024

පෞද්ගලික බස් සේවකයින්ට විශේෂ පාඨමාලාවක්

September 22, 2015

පෞද්ගලික බස් රථ රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට මගී ප්‍රවාහන පුහුණු පාඨමාලා සහතිකය (PTT) යනුවෙන් සුදුසුකම් සහතිකයක් ලබාදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම්වන බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් සිය වෘත්තිය වෙත අනුයුක්තවීමේ දී මෙම සහතිකය ලබා තිබිය යුතු බවත් මෙසේ පෞද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට අධ්‍යාපනය ලබාදීම තුළින් මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීමට හැකිවනු ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් මහතා පවසයි.

ඒ හේතුවෙන් සියලු බස් රථ රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට මෙම පාඨමාලාව හැදෑරීමට සිදුවන අතර දින 04 ක වැඩමුළුවක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එය සංවිධානය කරයි.

මාර්ග නීතිරීති, ආරක්ෂාකාරී රිය ධාවනය, හදිසි ප්‍රථමාධාර, තාක්ෂණික ඥානය මෙන්ම මගීන්ට ගෞරවය දැක්වීම ආදී කරුණු රැසක් මෙම වැඩමුළුවේ දී බස් රථ සේවකයන් වෙත ලබාදීමට නියමිතයි.

Rate this item
(0 votes)