April 28, 2024

දේශීය ලොකු ලූණු අලෙවියට විදේශීය ලූණුවලින් බාධා 

September 19, 2015

තම ලොකු ලූණු අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අසරණ වී සිටින බව දඹුල්ල ආර්ථික ම‍ධ්‍යස්ථානයට ලූණු රැගෙන ආ ගොවීන් කියයි.

මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ පාකිස්තානයෙන් හා ඉන්දියාවෙන් ගෙන්වා ඇති ලූණු තොග ඉතා අඩු මුදලකට අලෙවි කිරීම හේතුවෙන් බව ගොවියෝ කියති.

දඹුල්ල වෙළෙඳපලට අලෙවි කිරීමට ගෙනෙන ලූණු දින ගණනාවක් තබාගෙන හිඳිමින් ඉතා අඩු මුදලකට අලෙවි කර නිවෙස්වලට යෑමට සිදු ව ඇති බව ද ඔවුන් පවසයි.

දේශීය ලූණුවලට මිලක් ලබා ගැනීමට නම් පිටරටවලින් ගෙන්වන ලුණු සඳහා බද්දක් පනවා හෝ ගෙන්වීම නවතා දමන්නැයි ගොවින් ඉල්ලා සිටී.

කාංචන කුමාර ආරියදාස 

Rate this item
(0 votes)