April 27, 2024

සන්රිච් බිස්කට්වලට රන් සම්මාන

September 18, 2015

සම්මානනීය දඟ පන්දු යවන ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුවන මුත්තයියා මුරලිදරන් හවුල් ව්‍යාපාරයක්වන මෙරට ප‍්‍රමුඛ පෙළේ බිස්කට් නිෂ්පාදකයකුවන ‘සන්රිච් කන්ෆෙක්ෂනරි (පෞද්ගලික) සමාගම මෑතක දී බෙලිජියම් පැවති ජාත්‍යන්තර රස හා තත්ත්ව ආයතන සම්මාන දෙකක් දිනා ගනු ලැබී ය.

මෙහි දී සන්රිච් කන්ෆෙක්ෂනරිහි නිෂ්පාදනයන් දෙකකටම, එනම් ‘චොකලට් ක‍්‍රීම්’ හා ‘පවර් ක‍්‍රන්චි බිස්කට්ස්’ සඳහා සම්මාන දෙකක් ශ‍්‍රි ලංකාවේ සමාගමකට ලැබීම විශේෂත්වයකි.

මෙම විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳ සන්රිච් බිස්කට්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකරණ අධ්‍යක්ෂක එම්. ශ‍්‍රිධරන් මහතා මෙසේ පැවසී ය.

"ආහාර සුරක්ෂිතතාව සඳහාවන විශිෂ්ටතම පරිචිත අනුගමනය කරමින් නිරතුරුව නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය වැඩි දියුණු කිරීම අප මුල සිටම අනුගමනය කළ ධර්මතාවයක් වනවා. මෙම ජාත්‍යන්තර ජයග‍්‍රහණය තුළින් අපගේ ප‍්‍රයත්නයන් ඇගයීමට ප‍්‍රාත‍්‍රවීම සම්බන්ධයෙන් අප සමාගමේ සේවකයන් ඇතුළු මුළු කළමණාකාරීත්වය අපගේ පාරිභෝගිකයන් වෙත අපගේ නොමසුරු කෘතඥතාවය පළකර සිටිනවා."

ශ‍්‍රිධරන් මහතා ප‍්‍රකාශ කර සිටියේ සියයට සියයක් ශ‍්‍රි ලාංකේය බිස්කට් නිෂ්පාදන සමාගමක් ගොඩ නැගීම තමාගේ ළමා වියේ සිටම සිහිනයක් වු බවයි. 

"මෙම සිහිනය ජය ගැනීම සඳහා මම එක්සත් රාජධානියේ ප‍්‍රචලිත සරසවියක් වන ලන්ඩන් සවුත්බෑන්ක් විශ්වවිද්‍යාලයේ නිෂ්පාදන කළමණාකරණය සඳහා මුල් උපාධිය ලබා ගතිමි. එහි දී මම බිස්කට් නිෂ්පාදන විශිෂ්ට සම්මානය ලබා ගත් අතර මගේ පියාට අයත් ලකිලෑන්ඩ් බිස්කට් සමාගමේ අත්දැකීම් ලබා ගැනීමෙන් පසු 2006 දී සන්රිච් බිස්කට් නමින් මගේම කර්මාන්තශාලාවක් පටන් ගැනීමට හැකිවීම මාගේ ජීවිතේ ලැබු විශිෂ්ට ජයග‍්‍රහණයක්," යැයි ඔහු පැවසී ය.

මෙම අද්විතීය ජාත්‍යන්තර සම්මාන සඳහා ප‍්‍රධානතම නිර්ණායක 03 වනුයේ රස, ගුණාත්මකභාවය හා පෙනුමයි. මෙම සම්මාන උළලේ ජූරිය සඳහා ලෝප‍්‍රකට සුපවේදීන්, ආහාර පාන විශේෂඥයන් ඇතුළු රසය හා ගුණය පිළිබඳ විශේෂඥතාවයෙන් හෙබි වෘත්තීකයන් 120 දෙනකුගෙන් සමන්විත විය. 2015 දි දෙවනවරටත් ශ‍්‍රී ලාංකීය සමාගමක් මෙය දිනාගැනීම ශ‍්‍රී ලංකාවේ බිස්කට් නිෂ්පාදන කර්මාන්ත ජාත්‍යන්තර තලයට පැමිණ ඇති බවට හොඳ සාධකයකි.

2006 මාර්තු 15 වැනි දා සන්රිච් කන්ෆෙක්ෂනරි (පෞද්) සමාගම සංස්ථාපනය කරනු ලැබු අතර වර්තමානයේ දී එය ශ‍්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින, ස්විට්සර්ලන්තය, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව සහ සීෂෙල්ස් වැනි රටවල් හි වෙළඳපොළ ජයගැනීම ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයකි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2015 16:23