April 28, 2024

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනක්

September 16, 2015

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එලැඹෙන 19 වැනි දා පෙරවරු 07.00 ට කොළඹ ගාලු මුවදොර පිටියේ දී  පැවැත් වේ.

“සයුර රකිමු අපි සුරැකෙමු” යන තේමාව යටතේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

ඊට සමගාමී ව එදින ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්කවල ද සැප්තැම්බර් 20 වැනි දා පුත්තලම දිස්ති‍්‍රක්කය තුළ ද 21 වැනි දා මන්නාරම, කිලිනොච්චිය, යාපනය දිස්ති‍්‍රක්කවල ද, සැප්  22 වැනි දා ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ති‍්‍රක්කවල ද, 23 වැනි දා මාතර, ගාල්ල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවල ද මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වේ.

Rate this item
(0 votes)