April 29, 2024

ජ'පුර විද්‍යා පීඨ සිසු ශ්‍රමයෙන් දුෂ්කර පාසලකට අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්

September 16, 2015

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන 'සිප් සයුර' සමාජ සත්කාර වැඩසටහන අඛණ්ඩව දෙවන වරටද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවිධායක කමිටුව පවසා සිටියි. ඒ අනුව මෙවර ඔවුන් විසින් අවධානය යොමු කර ඇත්තේ කුරුණෑගල කිරිමැටියාව මැදැල්පොල මධ්‍ය මහා විද්‍යාලය සඳහා අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් තිලිණ කිරීමට ය.

1928 වසරේ විවෘත කර ඇති මෙම විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා සිසු සිසුවියෝ අධ්‍යයන කටයුතු සිදු කරති. ඔවුන් සියලු දෙනාටම පාහේ පෞද්ගලික පරිඝණකයක් භාවිතයට වරම් නොමැති අතර ඒ සඳහා වන එකම පිවිසුම පාසල් පරිගණක විද්‍යාගාරයයි. මැදැල්පොල විද්‍යාලය මෙතෙක් කලක් සිය සිසු පිරිසට පරිඝණක දැණුම බෙදා දුන්නේ පරිගණක සතරකිනි. නමුත් ඒවා ද මේ වනවිට ක්‍රියා විරහිතව පවතින බැවින් තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුරුවරියක සිටිය එම විෂය හැදෑරීමට සිසු දරුවන්ට අවස්ථාව මගහැරී ඇත.ඒ අවස්ථාව නැවතත් එම දරු පිරිසට ලබා දීම තම අරමුණ බව විද්‍යා පීඨශිෂ්‍ය සංගමය පවසා සිටී.

පරිගණක විද්‍යාගාරය ස්ථාපිත කිරීමට නියමිත ගොඩනැගිල්ල අලුත්වැඩියාව සහ පරිගණක මේස සැකසීම ඇතුළු කටයුතු සිදු වන්නේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන්ගේ ශ්‍රම දායකත්වයෙන් බව ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කරයි.

විද්‍යාගාරය සඳහා අවශ්‍ය වෙතැයි තක්සේරු කර ඇති පරිඝණක යන්ත්‍ර 20 මිළ දී ගැනීමට සහ පරිඝණක විද්‍යාගාරයක් සතුවිය යුතු සියලු පහසුකම් එහි ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන සඳහා මෙය කියවන ඔබගේ ද සහයෝගය  ඉතාම වැදගත් වන බව සංවිධායක මණ්ඩලය පවසයි.

ඒ සඳහා ඔබගේ දායකත්වය හැටන් නැෂනල් බැංකුවේ දෙල්කඳ ශාඛාවේ 226020036915 යන ගිණුම් අංකය වෙත ලබා දිය හැකිය.

වැඩි විස්තර සඳහා,

චන්දන : 071 – 4 09 41 15

ගෙහාන් : 071 – 2 93 28 95

ආචාර්ය පහන් ගොඩකුඹුර : pahanig@ gmail.com

යන අයව සම්බන්ද කරගත හැක.

Rate this item
(2 votes)