April 28, 2024

සියලු ඉන්ධනහල් වෙත විද්‍යුත් වාහන ආරෝපණ පරිපථ 

September 14, 2015

විද්‍යුත් වාහන නැවත ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා ඊට අදාළ පද්ධතීන් සියලු ඉන්ධන හල් තුළ ස්ථාපනය කරන බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

විද්‍යුත් භාවිතයෙන් නිපදවා ඇති මෝටර් රථ සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් එම වාහන නැවත ආරෝපණය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත් ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊට විසදුම් ලෙස සියලු ඉන්ධන හල් තුළ නැවත ආරෝපණය කළ හැකි යන්ත‍්‍ර සූත්‍ර සවි කිරීමට තීරණය කර ඇත. 

එමෙන්ම යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Rate this item
(0 votes)