May 08, 2024

සංචාරක සෞඛ්‍ය කර්මාන්තයට වැඩි ඉඩක් 

සංචාරක ක්ෂේත්‍රය සීග්‍රයන් දියුණු වන පසුබිමක, බටහිර වෛද්‍ය සේවා හා දේශීය ආයුර්වේද ක්‍රම පිළිබද සන්නාමයක් ගොඩනගා ගත හැකි වුවහොත්, ශ්‍රී ලංකාවට සංචාරක සෞඛ්‍ය කර්මාන්තය හරහා වැඩි විදේශ විනිමයක් ඉපැයීමේ අවස්ථාව උදා වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් පසුගිය 16 සිට 18 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ, ‘ආරෝග්‍යා 2014’ සෞඛ්‍යාරක්ෂණ ප්‍රදර්ශනය සහ ‘ඉන්ට්‍රෑඩ් 2014’ ජාත්‍යන්තර වෙළද හා කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට සහභාගී වෙමිනි. 

“මෙරට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන් ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක්වී තිබෙනවා. මේ වනවිටත් දේශීය සමාගමක් ඔවුන්ගේ ආයුර්වේද නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට යොමු කර තිබෙන අතර, ආයුර්වේද ප්‍රතිකාර ඒකකයන් කිහිපයක් යුරෝපය තුල පිහිටුවා තිබෙනවා. එමෙන්ම දේශීය ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම පිළිබදව ජපන් සංචාරකයන් තුළ උනන්දුවක් හා පිළිගැනීමක් ඇති බැව්, මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය. 

ඒ අනුව මෙරට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන් හරහා සංචාරක ක්ෂේත්‍රයත්, අපනයන ක්ෂේත්‍රයත් නංවාලීමට හැකිවන බව ද හෙතෙම සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 May 2014 16:10