May 20, 2024

නිමැවුරු - ඉෂ්ඨායෝජක හමුව අද

2013 සහසක් නිමැවුම් ප්‍රදර්ශනයට සහභාගී වූ පුද්ගලයින් ද ඇතුළු ව නව නිපැයුම්කරුවන් 100 කට වැඩි පිරිසකට ඉෂ්ඨායෝජකයින් මුණ ගැසීමේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කටයුතු සංවිධාන කර තිබේ.

එම වැඩමුළුව අද පස්වරු 02.00 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, B රැස්වීම් ශාලාව තුළ දී පැවැත් වේ.

ශ්‍රී ලාංකික නව නිපැයුම්කරුවන්ට ඇති ප්‍රධාන අභියෝගයක්වන සිය නිර්මාණ වානිජකරණය කර ගැනීමට සහය ලබාගැනීම සඳහා ලංකා ඉෂ්ඨායෝජක සංසඳය (Lanka Angel Network) සමග අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පසුගිය දා අත්සන් කළේ ය.

නව නිපැයුමක් තුළින් ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම උදාහරණ සමග ඉදිරිපත් කරන අතර ආයෝජකයින් නව නිර්මාණයක් සඳහා ආයෝජනය කිරීමේ දී සැළකිල්ලට ගන්නා කරුණු, ආයෝජකයින් වෙත සිය නිර්මාණ ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න එහි දී පැහැදිලි කරයි.

ඉෂ්ඨායෝජක සංසඳය (Lanka Angel Network) එහි සම්පත් දායකයින් ලෙස කටයුතු කරයි.

එහි දී ස්වයං අගය කිරීමකින් අනතුරු ව ආයෝජනය කිරීම සඳහා සුදුසු නව නිර්මාණකරුවන්ට ඉෂ්ඨායෝජක සංසඳය සමග ලියාපදිංචිවීමේ වරප්‍රසාදය හිමි වේ.

Rate this item
(0 votes)