May 02, 2024

ශ්‍රීලංකන් අළුත්ගමට එයි

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි නවතම විකුණුම් කාර්යාලය මේ මස (19) වැනි දින අලුත්ගම දී විවෘත කරන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

 

මෙම නව කාර්යාලය අලුත්ගම, කළුවාමෝදර ගාලු පාරේ, අංක 51 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර සීමාසහිත ශාන් හොලිඩේස් පුද්ගලික සමාගම සිය මගී නියෝජිත මෙහෙයුම්කරු ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පත්කර ඇත.

මෙය ඉහළ යන ඉල්ලුම හමුවේ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි කාර්යාල පිහිටුවීම සඳහා වූ වැඩසටහන අනුව විවෘත කෙරේ.

 

Rate this item
(0 votes)