May 09, 2024

ශ්‍රී ලංකාව හා කොරියාව අතර අධිකරණ සේවා ගිවිසුමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ කොරියානු ජන රජයේ ජාතික අධිකරණ සේවාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.

එහිදී කරුණු කිහිපයක්ම සම්බන්ධයෙන් එම ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා පර්යේෂණ කටයුතුවල ප්‍රමිතිය ඉහළ නැංවෙන අතර, එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ වඩාත් වැඩිදියුණු කිරීම සිදු වේ. 

එසේම අධිකරණ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ නව පර්යේෂණවේද සිදු කිරීම, සැක කටයුතු ලේඛන පරීක්ෂාව, අධිකරණ ධූලක විද්‍යා (Forensic Toxicology) මත්ද්‍රව්‍ය විශේලේෂණ, පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි විශ්ලේෂණ යන අංශවල සහ දැනට අලුතින් ආරම්භ කර ඇති DNA විද්‍යාගාරයේ පර්යේෂණ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා නව ක්‍රමවේද ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ. 

අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ භාවිත කරන පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ දැනුම, එම ක්ෂේත්‍රයේ විද්‍යාඥයින්ගේ දැනුම, අපරාධ පරීක්ෂණ සිදු කිරීම සඳහා ඇති න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කර ගැනීම අවස්ථාව ලැබේ.

වැඩමුළු, සම්මන්ත්‍රණ, පුහුණු පාඨමාලා සහ විශේෂඥවරුන්ගේ රැස්වීම් මඟින් අන්‍යෝන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සිදු වන අතර අති නවීන විද්‍යාගාර උපකරණ සහ උපාංග මිල දී ගැනීම්වලදී සහයෝගය ලබා දීම සිදු වේ. 

එසේම අන්තර්ජාතික මට්ටමේ ‘සම්මත පරීක්ෂණ සාම්පල’ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරවල ප්‍රමිතිය අන්තර්ජාතික වශයෙන් තහවුරු කිරීම කිරීමට හැකි වේ.

 

Rate this item
(0 votes)