May 09, 2024

විදුලිය සුරැකීමට බෙස්ට් ලයිෆ් ඉදිරියට 

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක් හරහා පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා සපයන බෙස්ට් ලයිෆ් සමූහ ව්‍යාපාරය DW ඉලෙක්ට්‍රොනික් ආයතනය හා එක් ව විදුලිය සුරකින LED බල්බයක් වෙළෙඳපොළට හඳුන්වා දි තිබේ.

මෙම විදුලි බුබුල වෙළෙඳපොලෙහි ඇති සාමාන්‍ය විදුලි බල්බ සහ CFL විදුලි බුබුළුවලට වඩා වැඩි ප්‍රතිලාභයක් පාරිභෝගිකයාට ලබාදෙන නිෂ්පාදනයක්වීම ද විශේෂත්වයකි.

මෙම LED විදුලි බුබුල වඩාත් කාර්යක්ෂමවනුයේ එය පරිසර හිතකාමී, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අතරම තාපය ලෙස ශක්ති හානිය අවම, විෂ වායු නිකුත් නොකරන, පරිසර හානි අවම, නැවත අලුත්වැඩියා කළ හැකි, විදුලි බිල 90% ඉතිරි කරන විදුලි බුබුලක් වීමයි.

මේ අයුරින් සළකා බැලීමේ දී අනෙක් විදුලි බුබුළුවලට වඩා සෑම අතින් ම මෙම විදුලි බුබුල පාරිභෝගිකයාට හිතකර වෙයි. එසේම එය දේශීය නිෂ්පාදනයක්වීමත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ට අතදීමක් ද එමගින් සිදුවන අතර ම මෙරට රැකියා වෙළෙඳපොලට ද නව රැකියා අවස්ථා ද බිහි වේ.

DW ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් නිපදවන මෙම විදුලි බුබුළු බෙදා හැරීම බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ආයතනය මගින් සිදු කරයි. බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනය බෙස්ට් ලයිෆ් වන්දනා පුද්ගලික සමාගම, බෙස්ට් ලයිෆ් ෆර්නිචර්, බෙස්ට් ලයිෆ් ප්ලාන්ටේෂන්, බෙස්ට් ලයිෆ් වැකේෂන්,බෙස්ට් ලයිෆ් ටෙක්නෝ සහ බෙස්ට් ලයිෆ්වර්ල්ඩ් යන ආයතනවලින් යුක්ත වේ.

Rate this item
(0 votes)