May 08, 2024

ගාලු සාහිත්‍යය උත්සවය යළිත්

ගත්කතුවරයින්, ඉතිහාසඥයින්, කවියන් ඇතුළු සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ දෙස් විදෙස් ප‍්‍රවීණයින් සහභාගීවන සාහිත්‍යය සඳහා ඇලුම්කරන ප‍්‍රජාව බලා සිටි  ගාලු සාහිත්‍යය උත්සවය 2016 ජනවාරි 13 වැනි දා සිට පුරා දින 05 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම උත්සවය මෙවර නම්කර ඇත්තේ ‘2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවය’ නමිනි. මෙහි නාම අනුග‍්‍රාහකයා ලෙස ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් කටයුතු කරයි.

මීට අමතරව, ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් ශ‍්‍රී ලංකාව තුළ පළකර තිබෙන හොඳම නවකතා ඇගයීමට ලක්කරමින් ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය’ ලබාදීමේ ගෞරවණීය අවස්ථාව ද 2016 ගාලු සාහිත්‍ය උත්සවයේ දී මෙම සමාගමට හිමි වී තිබේ.

මෙහි දී, එක් එක් අංශවල ජයග‍්‍රාහකයින්ට රුපියල් 500,000 බැගින් හිමි වේ. මීට අමතරව, මෙම සම්මානය සඳහා නිර්දේශිත ග‍්‍රන්ථ සඳහා රුපියල් 100,000 බැගින් ලබාදීමට නියමිතයි.

Rate this item
(0 votes)