May 09, 2024

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015 ඇරඹෙයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් වාර්ෂික ව සංවිධානය කෙරෙන 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2015' ඊයේ (04) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ආරම්භ විය.

දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුව සැසි 08කින් යුක්තවන අතර එහි දී 'අමෙරිකන් ඩොලර් බිලියන 50ක් දක්වා අපනයනයන්' (Towards Exports of US$ 50 billion) යන සමුළුවේ තේමාව යටතේ විවිධ මාතෘකා රැසක් සාකච්ඡාවට බඳුන් වෙයි.

ඊයේ සමුළුවේ ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇත. සමුළුවේ අවසාන සැසි වාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව ඇමතීමෙන් අනතුරු ව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා විසින් 2015 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ නිමාව සනිටුහන් කරයි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් මීට වසර 16 කට පෙර සංවිධානය කිරීම ඇරඹි 'ශ්‍රී ලංකා ආර්ථික සමුළුව' වාර්ෂිකව පවත්වන ප්‍රමුඛ ආර්ථික සමුළුවක් ලෙස පිළිගැනෙන අතර, රටේ ආර්ථිකයට අදාළ වඩාත් සංවේදී කාරණා රැසක් මෙහි දී සාකච්ඡාවට බඳුන් වෙයි.

Rate this item
(0 votes)