May 07, 2024

ජූලි උද්ධමනය සෘණ වෙයි

උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත ජුනි මාසයේ වාර්තා කළ 0.1% සිට ජූලි මාසයේදී - 0.2% දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත මෙසේ ජූලි මාසයේදී - 0.2% දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2015 ජුනි මාසයේ පැවති 1.7% හි සිට 2015 ජූලි මාසයේදී 1.3% දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)