May 07, 2024

යුද ගැටුම් නිසා තේ මිලදී ගැනීම පහළට

කොළඹ තේ වෙන්දේසිය තුළ 30% ක පමණ තේ තොග විකුණාගත නොහැකිව පවතින බව වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක පවතින යුද ගැටුම් හේතුවෙන් තේ මිල දී ගැනීම අඩු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන් ඉරානය, ඉරාකය, සිරියාව ආදී මැද පෙරදිග රටවල් මෙන්ම රුසියාව, යුක්රේනය ආදී රටවල් ද ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගනී. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 July 2015 09:15