May 06, 2024

මහ බැංකුවේ අලුත්ම පොලී අනුපාතය 

වාණිජ බැංකුවල පොලී තීරණයවීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ජූලි මාසයේ දී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 

ඒ අනුව එම පොලී අනුපාත 6.00% ක සහ 7.50%  ක මට්ටමක තවදුරටත් පවතී. බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) 6.00% ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර ඇත.

ඉකුත් අප්‍රේල් මාසයේ දී මහ බැංකු පොලී අනුපාත අනපේක්ෂිත ලෙස 0.5% කින් අඩුකළ අතර මැයි සහ ජුනි මාසවල නැවතත් ස්ථාවරව තබා ගැනීමට මහ බැංකුව විසින් කටයුතු කළේ ය.

Rate this item
(1 Vote)