April 26, 2024

එස්ටීසී නවතම ප්‍රදර්ශණාගාරය කුරුණෑගලට

රාජ්‍ය වානිජ විවිධ නීනිගත සංස්ථාවේ සියලු පහසුකම් සපිරි නවතම ප්‍රදර්ශණාගාරය අද(13) පෙරවරුවේ කුරුණෑගල නගරයේදී සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එම අවස්ථාවට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා හා රාජ්‍ය වානිජ විවිධ නීනිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා ඇතළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

මෙම නවතම ශාඛාව අංක 243, පුත්තලම පාර, කුරුණෑගල යන ස්ථානයේ පිහිටා ඇති අතර ඒ තුළින් තත්ත්වයෙන් උසස් පාරිභෝගික හා කාර්යාල භාණ්ඩ අඩුම මිලට ලබා ගැනීමට හැකියාව පවතී.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 May 2014 11:04