May 06, 2024

මත්ස්‍ය තහනම නිසා රජයට පාඩු

මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා යුරෝපා සංගමය පැන වූ තහනම හේතුවෙන් අ‍මෙරිකානු ඩොලර් මිලියන 75ක ආදායමක් රජයට අහිමි වී තිබේ.

තලපත් සහ ටූනා මත්ස්‍යයින් යුරෝපයට අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයක පසු විය.

කෙසේ වුව ද පසුගිය ජනවාරි මස 14 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය තහනම් කර ඇත.

එම තහනම ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර රැසක් මේ වනවිට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන යාත්‍රා අධීක්ෂණය සහ ලියාපදිංචි කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

මේ අතර ධීවර යාත්‍රා නිරීක්ෂණය, අධීක්ෂණය හා පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ සොයා බැලීමට යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයෙකු ලබන ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)