May 06, 2024

කන්තලේ සීනි කම්හල යළි විවෘත කිරීමට පියවර

දැනට වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (21) කන්තලේ පැවති ජන හමුවක දී ය.

කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගමක් සමග ලබන 27 වන දා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)