May 07, 2024

ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඊයේ (20) තව දුරටත් පහළ ගොස් තිබේ.

ආසියානු වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1088ක් ලෙසනි. අමෙරිකානු ආර්ථිකය ශක්තිමත්වීම සහ පොලී අනුපාතික ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් ආයෝජකයන් වැඩි වශයෙන් ඩොලර් මිල දී ගැනීම රන් මිල පහත වැටීමට ප්‍රධාන හේතුවකි.

රන් අවුන්සයක මිල මෙලෙස ඩොලර් 1100 කට අඩු වී ඇත්තේ 2010 වසරේ මාර්තු 26 වැනිදායින් පසු ප්‍රථම වතාවටයි. 

Rate this item
(0 votes)