May 06, 2024

තේ වෙන්දේසියේ දී තේ මිල පහළට 

දින 10 ක් පුරා තේ වතු කම්කරුවන් ආරම්භ කර තිබූ සෙමෙන් වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ වෙන්දේසියේ දී තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 90 කින් පමණ පහත බැස තිබේ.

පසුගිය කාලසීමාවේ දී තේ වෙන්දේසිය තුළ කිලෝග්‍රෑමයක් රුපියල් 450 ක මිලකට අලෙවි වූ අතර එය අද වනවිට රුපියල් 360 දක්වා පහත බැස ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් තේ වතු සමාගම්  තවත් පාඩු ලබන තත්ත්වයකට පත් ව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)