May 07, 2024

බොරතෙල් මිල පහතට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පහත බැස ඇති අතර ඒ අනූව WTI වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 50.95ක මිලකට අලෙවි වන අතර එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සතිය තුළදීම පහල අගයන් වාර්තා වුණි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 57 කට පමණ අලෙවි වන අතර ඊයේ දිනය වන විට ලෝක වෙළඳපළේ ස්වභාවික ගෑස්, රත්‍රං සහ රිදී මිලද පහල බැස තිබේ.

ඉරානය සහ අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමග ඇති වෙමින් පවතින එකඟතා මත ඉදිරියේදී ලෝක තෙල් මිල තවදුරටත් වෙනස් වනු ඇතැයි මත පළ වී ඇති අතර ලෝක වෙළඳපළේ තෙල් මිල පහත ගියහොත් මෙරට තෙල් මිලද පහත දමන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)