May 07, 2024

යල කන්නයේ වී ගන්නේ වී අලෙවි මණ්ඩලයෙන්

යල කන්නය තුළ වී මිල දී ගැනීම ඍජුවම වී අලෙවි මණ්ඩලය විසින් සිදුකිරීම සඳහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව යල කන්නයේ දී කීරි සම්බා සහ අනෙකුත් සම්බා වර්ගවල වී සඳහා කිලෝග්‍රෑමයක් රුපියල් 50 බැගින් ද නාඩු වර්ගයේ වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 45 බැගින් ද මිල දී ගනු ඇත. 

ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අදාළ දිස්ත්‍රික්වල දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතයි.

ඊට අමතර ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් වී මිල දී ගැනීම් නියමිත පරිදි සිදුකිරීම පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවකට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

 

Rate this item
(0 votes)