May 06, 2024

අභ්‍යන්තර ගුවන් සේවාවක් ඇරඹීමට පියවර

මෙරට විවිධ ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් සංචාරකයින්ට ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි පැවසෙන අතර මේ සඳහා ඉදිරියේදී ගුවන් යානා කිහිපයක් ලබාගැනීමට සිදුවන බව ද පැවසේ.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ විසින් වසරකට මගීන් මිලියන 15 ක් පමණ හැසිරවිය හැකි ලෙස ගුවන් තොටුපොළ නවීකරණය කිරීමට ද මේ සමඟම අවධානය යොමුව ඇතැයි පැවසෙන අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වර්ධනය වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 July 2015 09:30