May 07, 2024

අද සිට ගෑස් මිල අඩුවෙන්නේ මෙහෙමයි 

ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි ගෑස් මිල පහත දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලිංඩරයක මිල රුපියල් 100 කින් පහත දමා ඇත. පසුගිය ජූනි 04 වැනි දා එම සමාගමේ දී පැවැති මාධ්‍ය හමුවේ දී විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පැවසුවේ සමාගමේ දූෂණ වංචාවන් අනාවරණ කර ගැනීමෙන් පසු තව දුරටත් ගෑස් මිල පහත දැමිය හැකි වනු ඇති බවයි. 

ඒ අනුව මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත අදාළ දූෂණයන් හෙළිකර ගැනීමත් සමඟ ජනතාවට මෙම සහනය ලබා දීමට හැකි වූ බව හෙතෙම පෙන්වා දුන්නේය. 

ඉදිරියේ දී තවදුරටත් එවැනි දූෂණ වංචාවන් අනාවරණ කර ගැනීමට හැකි වුවහොත් එහි වාසියද පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි. 

ඒ අනුව කොළඹ ප්‍රදේශයට අදාළ නව මිල ගණන් පහත සඳහන් වේ. 

කි.ග්‍රෑ. 12.5 ගෑස් සිලින්ඩරය    - රු. 1,496.00

කි.ග්‍රෑ. 5 ගෑස් සිලින්ඩරය         - රු. 632.00

කි.ග්‍රෑ. 2.3 ගෑස් සිලින්ඩරය      - රු. 300.00

 

Rate this item
(0 votes)