May 07, 2024

මෙරට අංක 1 සන්නාමය ලංකා බැංකුව 

ජාතියේ මහා පහන් ටැඹ වන ලංකා බැංකුව දිවයිනේ අංක 1 සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් නෙට්වර්ක් (එක්සත් රාජධානිය) හි උප සමාගමක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා විසින් ශ්‍රේණිගත කර ඇත. 

මෙම වත්මන් ශ්‍රේණිගත කිරීමත් සමග ලංකා බැංකුව අඛණ්ඩව 07 වසරක් පුරා මෙම තත්ත්වය අත්පත් කරගත් එකම ව්‍යාපාරය ලෙස අද්විතීය වාර්තාවක් පිහිටුවා ඇත. බැංකුව තම සන්නාම අගය 2014 පැවති බිලියන 30 සිට 2015දී බිලියන 38 දක්වා ඉහළ නංවාගෙන ඇත. 

2014 වර්ෂයේදී සිය 75 වැනි සංවත්සරය සැමරූ ලංකා බැංකුව තම නිමැවුම් හා සේවාවන්ට අගය එකතු කරමින් අඛණ්ඩව මෙම වර්ෂයන් පුරාවට ජයග්‍රාහී අන්දමින් රජයේ අපේක්ෂාවන් ඉටු කර ඇත. වත්කම්, අත්තිකාරම්, තැන්පතු, ලාභ සහ ආමුඛ ප්‍රේෂණ අතින් එය ශ්‍රී ලාංකේය බැංකුකරණ හා මූල්‍ය සේවා කර්මාන්තයේ නායකයා බවට පත්ව ඇත.

පසුගිය වසර හා සංසන්දනාත්මකව 29%ක වර්ධනයක් අත්පත් කර ගනිමින් රු. බිලියන 20 ඉක්මවූ ලාභයක් ලබාගෙන තනි ශ්‍රී ලාංකික ආයතනයක් විසින් ලබා ගන්නා ලද ඉහළම ලාභය ලංකා බැංකුව වාර්තා කළේය. සැබැවින්ම ශ්‍රී ලංකාවේ අංක 1 සන්නම් නාමය ලෙස එය ශ්‍රේණිගත කිරීමෙන් බැංකුවෙහි කාර්ය සාධනය මෙන්ම බැංකුවෙහි ශක්තිය, ස්ථාවර බව සහ එය දැය කෙරෙහි දක්වන කැපවීම පිළිබිඹු වේ.

 

Rate this item
(2 votes)