May 01, 2024

ශ්‍රී ලංකාව හා කේරළය අතර සුපිරි මගී ප්‍රවාහන සේවයක් 

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ කේරළය අතර සුපිරි මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එය ගාන්ධිතුමන්ගේ ඡන්ම දිනය සමරන ඔක්තෝම්බර් 2 වැනි දා ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය හින්දු පුවත්පත වාර්තා කර ඇත.

කොළඹ සිට ක්‍රියාත්මක වන මෙම සුපිරි මගී නෞකා සේවය මුල් අදියරේදී 2017 වසරේ මාර්තු මාසය තෙක් ක්‍රියාත්මක වේ.

වරෙකට සංචාරකයන් 590 දෙනෙකු රැගත් කාර්ය මණ්ඩලය 260ක් සහිත සුපිරි නෞකා සේවාව කොළඹ සිට කේරළයේ කොචි වරාය දක්වා මෙන්ම මාලදිවයින හරහා නැවත කොළඹ දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.  

Rate this item
(0 votes)