May 02, 2024

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් කොටස් වශයෙන් 

මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 04 කට බෙදා ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය තීන්දු කර ඇත.

මේ අනුව, පළමු කොටස චීනයේ එක්සිම් බැංකුවේ ණය මත කඩවත සිට මීරිගම දක්වාත්, දෙවන කොටස ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත මීරිගම සිට කුරුණෑගල දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මීට අමතර ව තෙවන කොටස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ණය මත පොතුහැර සිට මහනුවර දක්වාත්, සිව්වැනි කොටස දේශීය බැඳුම්කර නිකුතුවක් මගින් රැස්කරන අරමුදල් යොදා ගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් ඉදිකරන බව රජය සඳහන් කරයි.

Rate this item
(0 votes)