May 01, 2024

Forest Rock Garden රන් සම්මානයෙන් පිදුම් ලබයි 

සංචාරක හෝටල් කර්මාන්තයෙහි ජාත්‍යන්තර ප‍්‍රමිති හා තත්ත්ව අනුකූලතාවයන් සඳහා ලෝකයේ පිරිනැමෙන ඉහළම සම්මානය අනුරාධපුර ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනාගෙන තිබේ.

මේ අනුව, ස්පාඤ්ඤයේ පිහිටි Business Initiative Directions ආයතනය මෙහෙය වූ මෙම තරගාවලියේදී ISL හෙවත් International Star for Leadership In Quality ජාත්‍යන්තර රන් සම්මානය (Gold Category Award) ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනා ගැනීමට සමත් වී ඇත.

BID (Business Initiative Directions) සංවිධානය මගින් නොයෙකුත් අංශයන් ඔස්සේ කළ විමර්ශනයන්හි ප‍්‍රතිඵලයක් ලෙස මෙම සම්මානය ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය වෙත පිරිනමා තිබෙන අතර මෙම සම්මානය ලබා ගැනීම සඳහා රටවල් 116 ක ප‍්‍රකට සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාර ආයතන රැසක් ඉදිරිපත් වී තිබීම කැපී පෙණුනි.

මෙම විචිත්‍රවත් සම්මාන උළෙල පසුගිය දා ප‍්‍රංශයේ පැරිස් නුවර දී පැවැත් විය.

 

Rate this item
(0 votes)