May 02, 2024

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එයාර්බර්ලීන් සහ NIKI ගුවන් සේවා සමග ගිවිසුමකට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජර්මනියේ දෙවැනි විශාලතම ගුවන් සේවාවවන එයාර්බර්ලීන් සහ එහි අනු ගුවන් සේවාවක්වන NIKI සමග 2015 ජූලි මස 02 වැනි දින සිට ක්‍රියාත්මකවන පරිදි සංකේත හුවමාරු ගුවන් ගිවිසුමක් සඳහා එළැඹී ඇත. 

මෙම නව සංකේත හුවමාරු ගුවන් සබඳතාවය තුළින් ශ්‍රී ලංකාව, ජර්මනිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර සංචාරක සබඳතා ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට මෙම ගුවන් සේවා 03 මගින් දෛනික සංකේත හුවමාරු ගුවන් ගමන් අබුඩාබි හරහා ශ්‍රී ලංකාව, බර්ලින් සහ වියනා වෙත සිදුකරනු ලැබේ. 

ඒ අනුව එයාර්බර්ලීන් සහ NIKI  ගුවන් සේවාවන්හි ගුවන් සංකේත අංක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අබුඩාබි සහ කොළඹ හරහා සිදු කරන දෛනික ගුවන් ගමන් සඳහා එකතු කරනු ලැබේ. ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මෙම නව සංකේත හුවමාරු ගුවන් ගිවිසුම මත අබුඩාබි හරහා එයාර්බර්ලින් සහ  NIKI ගුවන් සේවා තුළින් වියනා සහ බර්ලින් - ටීගල් වෙත ගුවන් ගමන් සිදු කිරීමට පහසුකම් සැලසේ. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එටිහාඩ් ගුවන් සේවය හරහා ජර්මනියේ මියුනිච් වෙත සංකේත හුවමාරු ගුවන් සබඳතා පවත්වනු ලබයි. එයාර්බර්ලින් සහ NIKI සමග පවත්වන මෙම නව සංකේත හුවමාරු ගිවිසුම සමග ඔස්ට්‍රියාවේ අග නගරය වන වියානා වෙත ද ගුවන් සමාගමේ මෙහෙයුම් ගෝලීය ලෙස ව්‍යාප්ත කිරීමට හැකි වී ඇත.

 

Rate this item
(0 votes)