May 02, 2024

ඩයලොග් ආසිආටා සමාගමේ නව ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ඩයලොග් ආසිආටා සමාගමේ නව ගොඩනැගිල්ල ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද (07) පෙරවරුවේ විවෘත කෙරිණි.
 
කොළඹ 10, යුනියන් පෙදෙස ඩයලොග් මූලස්ථාන පරිශ්‍රයේ නව ගොඩනැගිල්ල ස්ථාපිත කර තිබේ. 
 
සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර නව තාක්ෂණය ඔස්සේ සැදුම් ලද කාර්යාල පද්ධතියේ කටයුතු ආරම්භ කෙරුණේද ජනාධිපතිතුමා අතිනි.
 
එහි කටයුතු ආරම්භ කරමින් පළමුවෙන්ම දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සමග සජීවිව සම්බන්ධවීමට ජනාධිපතිතුමාට අවස්ථාව සළසා දුන් අතර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන පූජ්‍ය මාදුරුඔය විජිතාලංකාර ස්වාමින් වහන්සේ එහිදී ජනාධිපතිතුමා සමග සජීවිව සම්බන්ධ විය.
 
අනතුරුව මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක්  ජනාධිපතිතුමා සමග සජීවිව සම්බන්ධ විය. 
 
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, නවීන් දිසානායක, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, කොළඹ නගරාධිපති එම්.අයි.එම් මුසම්මිල්, ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක ආචාර්ය හැන්ස් විජේසුරිය යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
 

 

Rate this item
(0 votes)