May 02, 2024

අපනයන ආදායම පහළට

මේ වසරේ (2015) ජනවාරි සිට අප්‍රේල් දක්‌වා මුල් මාස හතරේ දී අපනයන ආදායම සියයට 0.3 කින් ද අප්‍රේල් මස අපනයන ආදායම සියයට 7.4 කින්ද පසුබෑමට ලක්ව ඇතැයි පැවසේ.
මේ අනුව ගිය වසරේ (2014) මුල් මාස හතරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3580.6 ක්‌ වූ අපනයන ආදායම, මේ වසරේ (2015) මුල් මාස හතරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3569.1 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම අප්‍රේල් මස අපනයන ආදායම ගිය වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 764.3 සිට මේ වසරේ (2015) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 707.5 දක්‌වා අඩු වී තිබෙන බව පැවසේ.
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 July 2015 00:47