April 26, 2024

සිංගර් වාණිජ ව්‍යාපෘති වායුසමීකරණ වෙළෙඳපොළට  

සිංගර් මධ්‍යම වායුසමීකරණ අංශය පිහිටුවීමත් සමඟ සිංගර් ආයතනය වාණිජ ව්‍යාපෘති වායුසමීකරණ වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශ වී තිබේ.

පාරිභෝගිකයින්ට දිගු කල් පවතින නිෂ්පාදන හා භාණ්ඩ ලබාදීම මෙන්ම ගෘහස්ථ වායුසමීකරණ ව්‍යාපාරය පිළිබඳව වෙළෙඳපොළෙහි ගොඩනංවාගෙන ඇති සවිමත් ස්ථාවරත්වය තුළින් සිංගර් ශ‍්‍රී ලංකා ආයතනයට මෙම මධ්‍යම වායුසමීකරණ අංශය පිහිටුවීමේ පදනම සැලසී ඇත.

වෘත්තීයමය වශයෙන් නිපුණ ඉංජිනේරු කාර්ය මණ්ඩලයකින් සමන්විත සිංගර් මධ්‍යම වායුසමීකරණ අංශය, කෙටි කාලයකින් වෙළෙඳපොළ තුළ සාර්ථකත්වය අත්පත් කරගැනීමේ අරමුණින් රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමින් යුත් ප‍්‍රමුඛතම වාණිජ ව්‍යාපෘති 10ක් මේ වනවිටත් ලබාගෙන ඇති බව සිංගර් ආයතනය පවසයි. 

සිංගර් මධ්‍යම වායුසමීකරණ අංශය හෝටල්, කාර්යාල ගොඩනැගිලි, ශ‍්‍රවණාගාර, රෝහල් සහ මහල් නිවාස වැනි විශාල පරිමාණ වාණිජමය ව්‍යාපෘති මෙන්ම කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස සඳහා උණුසුම්, වාතාශ‍්‍ර හෝ වායුසමීකරණ පහසුකම් ලබාදීම සඳහා වෘත්තීයමය වශයෙන් අවශ්‍ය සියලූ සුදුසුකම් සපුරා තිබේ.

Rate this item
(0 votes)