May 02, 2024

එතනෝල් ගැන නව රජයේ වැඩපිළිවෙල නිසා සුරාබදු ආදායම ඉහලට 

මේ වසරේ මුල් මාස හතර තුළදී සුරා බදු (Excise Duties) ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 49 කින් පමණ රුපියල් බිලියන 33.5 ක් දක්වා වර්ධනය වී තිබෙන බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවකින් අනාවරණය වී තිබේ.

මෙහි දී සැර මත්පැන් අලෙවිය මගින් ලබාගත් ආදායම් සියයට 32 කින් වර්ධනය වී තිබෙන අතර මේ වසරේ මුල් මාස හතර තුළ සැර මත්පැන් අලෙවිය සියයට 09 කින් වර්ධනය වී තිබේ.

මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ බදු නොගෙවමින් මෙරටට ගෙන එන එතනෝල්වලට වැට බැඳීමට නව රජය ක්‍රියා බවයි.

 

Rate this item
(0 votes)