May 01, 2024

ජාතික කුළුබඩු උද්‍යානය හෙට විවෘත කෙරේ

ශ්‍රි ලාංකීය කුළුබඩු පිළිබඳ නිවැරදි දැනුම ලබාදීමේ අරමුණින් ජාතික කුළුබඩු උද්‍යානයක් හෙට දින (04) මාතලේ මධ්‍යම  පර්යේෂණ මධ්‍යස්ථානයේදී විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර අක්කර 20 ක භුමි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මෙම උද්‍යානයෙහි ලංකාවේ වැවෙන සෑම කුළුබඩු වර්ගයක්ම ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ කුළුබඩු පිළිබදව දේශීය මෙන්ම විදේශිය සංචාරකයන්ට නිවැරදි දැනුම ලබා දීමට මෙහි කටයුතු යොදා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ( පර්යේෂණ ) ආචාර්ය ඒ.පී . හීන්කෙන්ද මහතා පවසා ඇත.
මේ වන විට කුළුබඩු වර්ග  25 කට අධික සංඛ්‍යාවක් දැනටමත් මෙම උද්‍යානය තුළ ස්ථාවනය කර ඇති අතර ඉදිරියේදී තවත් කුළුබඩු වර්ග වගා කිරීමටත් තොරතුරු මධ්‍යස්ථානයක්, දේශන ශාලාවක් හා අලෙවි මධ්‍යස්ථානයක්ද සහිතව අක්කර 100 ක භුමි ප්‍රමාණයක මෙම උද්‍යානය සංවර්ධනය කිරීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇති බව සඳහන් වේ. 
Rate this item
(0 votes)