May 03, 2024

කුඹුරු හානි සඳහා රක්ෂණ වන්දි ගෙවීම ලබන 02 වැනිදා

"කෙතට අරුණ පොහොර දිරිය" වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා රක්ෂණ වන්දි ගෙවීමේ සමාරම්භක උත්සවය ලබන 02 දින පෙරවරු 10.00ට ගණේමුල්ල, ගලහිටියාව සුගත සුභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය. 

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රජයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ අවස්ථාවට ගොවීන් 120 දෙනෙකු පමණ සහභාගි වනු ඇත.

මේ වන්දි මුදල් ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොර දිරිය සහනාධාර වැඩසටහන යටතේ රක්ෂණය කරන ලද කුඹුරු අතුරින් හානියට පත්වූ කුඹුරු සඳහා ප්‍රදානය කෙරේ. 

2014/2015 මහ කන්නයේ ගොවීන් 697 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 26කට ආසන්න වන්දි මුදලක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලැබී ඇත.

Rate this item
(0 votes)