May 03, 2024

"Infortel - 2015" ප‍්‍රදර්ශනය නොවැම්බරයේ  

නොවැම්බර් මස 20 වැනි දා සිට 22 වැනි දා දක්වා "Infortel - 2015" ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි. 14 වැනි වරටත් පවත්වන මෙම ප‍්‍රදර්ශනයේ තේමාව "ජනතාව අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කිරීම" යන්නයි.

එම ප‍්‍රදර්ශනය දියත් කිරීමේ උළෙල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේ දී පසුගිය දා පැවැත් විය. 

තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ නව සොයා ගැනීම් මෙම ප‍්‍රදර්ශනයට ඇතුළත්වන අතර ශ‍්‍රී ලංකාවේ පවත්වන දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම කර්මාන්ත හා අධ්‍යාපනික ප‍්‍රදර්ශනය මෙය බව එහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙවර මෙම ප‍්‍රදර්ශනය විශේෂයෙන් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය හා පුරෝකතනයක් එළි දැක්වීමට සැලසුම් කිරීම තුළ පාසල් දරුවන්ටත්, තරුණ තරුණියන්ටත්, වැඩිහිටියන්ටත්, කර්මාන්ත කරුවන්ට මෙන්ම විද්වතුන්ට මහත් පළ නෙලා ගත හැකි බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. 

මෙම ප‍්‍රදර්ශනය සඳහා පැමිණෙන පුද්ගලයින්ට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන දෘඩාංග, මෘදුකාංග හා සේවා සැපයුම් ක්ෂේත‍්‍රයන්හි නව නිර්මාණ අවස්ථා හා මානව සම්පත් නව උපාය මාර්ග පිළිබඳ නව දැනුමක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2015 10:55