May 03, 2024

මහ බැංකුවේ අලුත් පොළී අනුපාතයේ වෙනසක් නෑ 

වාණිජ බැංකුවල පොලී තීරණයවීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය ජුනි මාසයේ දී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතී.

බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) සියයට 6.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබේ.

මහ බැංකුව විසින් ඉකුත් අප්‍රේල් මාසයේ දී මහ බැංකු පොලී අනුපාත අනපේක්ෂිත ලෙස සියයට 0.5 කින් අඩුකළ අතර මැයි මාසයේ දී නැවතත් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කර ඇත.

Rate this item
(0 votes)