May 03, 2024

විදේශ විනිමය සංචිතවල වර්ධනයක් 

මෙරට විදේශ විනිමය සංචිතවල වර්ධනයක් දක්නට ලැබෙන බව මහබැංකුව ප්‍රකාශ කරයි. 

ජුනි 22 වන දා වන විට එම විදේශ විනිමය සංචිත සටහන් වී ඇත්තේ රුපියල් බිලියන 7.6ක් ලෙස යි.

ඉදිරි මාස කිහිපය තුළ දී එය තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මහබැංකුවේ අදහස වී ඇති අතර ජාත්‍යන්තර වෙළදපළේ ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් මෙන්ම ඉන්දියාව සමඟ ඇති කර ගත් විනිමය හුවමාරු ගිවිසුමෙන් මෙරට විදේශ සංචිත මෙලෙස ශක්තිමත් වී තිබෙන බව පැවසේ. 

මෙරට මුළු විදේශ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 9.1ක් වන අතර, එය මාස 5.6ක ආනයනයන් සඳහා ප්‍රමාණවත් වන බව සඳහන් වේ. 

Rate this item
(0 votes)