May 03, 2024

රුපියලේ හෙට දවස ගැන රවීගේ හෙළිදරව්ව

ඉදිරි සති දෙක තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  රුපියල් 130 ක් දක්වා ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබේ.

ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමරිකානු ඩොලරයක් සඳහා මේ වනවිට රුපියල් 133.90 ක් හුවමාරු වන බවත් නව රජය බලය පත්වන විට එය රුපියල් 133.20 ක මට්ටමක තිබූ බවත් ය.

මේ වනවිට ඇති තරම් ඩොලර් රට තුළට පැමිණෙමින් තිබෙන බව පැවසී ඒ මහතා, ආයෝජන පැමිණීම ආරම්භ වී තිබෙන බව ද සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 June 2015 07:50