May 07, 2024

පුදුකුඩිඉරිප්පු ජල ප්‍රශ්නයට චීන දායකත්වය

යාපනයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ළිං 5ක් ඉදි කිරීමට චීන ප්‍රවාහන ඉදිකිරීම් සමාගමට අයත් කොළඹ වරාය නගර සමාගම සහ චීන වරාය ඉංජීනේරු සමාගම ඒකාබද්ධ ව පියවර ගෙන තිබේ.

එය ශ්‍රී ලංකාවේ SHARP සමාගමේ ඉල්ලීමක් අනුව සිදු කෙරිණ. ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් වෙන් කර තිබේ.

මේ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සහ සමාජ සංවර්ධනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතියද උතුරු ප්‍රදේශයේ ජනතාව තවමත් දැඩි ජල හිඟයකට මුහුණ දී ඇත. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සිද්ධිය සඳහා සිය මෙහෙවර ඉටු කිරීම පිළිබඳව කැමැත්තෙන් පසු වන බව චීන වරාය ඉංජීනේරු සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප කළමණකරු දෙන් බෝ මහතා පැවසීය.

එමෙන් ම මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා SHARP සමාගමේ ප්‍රධානී සුමිත් බාලසූරිය මහතා පැවසුවේ, උතුරු ප්‍රදේශයේ ජල සැපයුම් සඳහා වැඩි මුදලක් අවශ්‍ය වන බවත් ඒ සඳහා චීන සමාගම් වැදගත් දායකත්වයක් ලබා දුන් බවත්, එය අනෙකුත් අන්තර්ජාතික සමාගම්වලට ආදර්ශයක් වන බවත්ය . 

වසර 2011සිට වසර 2014 දක්වා චීන වරාය ඉංජීනේරු සමාගම සමස්ත වශයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 40,000 ආසන්න මුදලක් පරිත්‍යාග කර තිබේ.

 

Rate this item
(0 votes)