May 07, 2024

සොබාදහම වෙත දක්‌වන සහාය කොමර්ෂල් බැංකුව  සහතික කරයි

කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ සත්කාරක භාරය විසින් ජෛව විවිධත්වය සහ පරිසරය පිළිබඳ ග්‍රන්ථයක ප්‍රකාශනය සඳහා අනුග්‍රාහකත්වය ලබාදී තිබේ. 

ඒ ජෛව විවිධත්වය සහ පරිසරය සුරැකීමේ වැදගත්කම ඉස්‌මතුකරමින් මෙම විෂයන් සම්බන්ධයෙන් තිබෙන දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණෙන් ය.

පරිසරවේදීන් මෙන්ම වන ජෛව විවිධත්වය සහ අලි සුරැකීමේ භාරයට සම්බන්ධ මාධ්‍යවේදීන් සුදත් අබේසිංහ මහතා සහ ජයන්ත ජයවර්ධන මහතා විසින් රචිත මෙම කෘතිය පසුගියදා එළිදැක්‌වන ලදී.

මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ පරිසරය, භූ විද්‍යාත්මක සැකැස්‌ම සහ ජෛව විවිධත්වය පිළිබඳවත් සොබා දහම මුහුණ දෙමින් තිබෙන අභියෝග පිළිබඳවත් වටිනා සාකච්ඡාවක්‌ කර තිබේ.

Rate this item
(0 votes)