May 07, 2024

ආබාධිත පුද්ගලයින්ට ස්වයං රැකියා වෙනුවෙන් ආධාර

පුත්තලම දිස්ත්‍රික්කයේ ආබාධිත තැනැත්තන් ආර්ථික වශයෙන් සවිබල ගැන්විමේ අරමුණින් ස්වයංරැකියා සදහා ආධාර ලබාදිමේ වැඩසටහනක්  පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ෆ්‍රීඩ්ස්රෝ ආබාධිත අයිතිවාසිකම් වැඩපිළිවෙල සමග ඒකාබද්ධව මෙම වැඩසටහන  ක්‍රියාත්මක කර ඇත.  

එක් ප්‍රතිලාභියෙක් සදහා රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව ආබාධිත තැනැත්තන් 59 දෙනෙකුට ඇදුම් මැසීම, පාවහන් නිෂ්පාදනය, මල් වගාව, සත්ව පාලනය වැනි ක්ෂේත්‍රයන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීම සදහා ආධාර ලබා දෙන ලදී.

 

Rate this item
(0 votes)