May 08, 2024

ටෙලිකොම් සමාගමට ඉහළ පිළිගැනීමක්

ශ්‍රී ලංකාවේ පැවැත්වූ විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ උත්සවය වන INET Colombo 2015 හිදී ජාතික විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත ඉහළ පිළිගැනීමක්‌ හිමි විය. 

ඒ, ගත වූ වසර 20 ක කාලය පුරා ජාලකරණ හා අන්තර්ජාල සේවා මෙරට තුළ ව්‍යාප්ත කිරීම උදෙසා දැක්‌වූ දායකත්වය වෙනුවෙන් ය.

ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන ජාල හා අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමට කැප වීමෙන් කටයුතු කිරීම අගය කරමින් ටෙලිකොම් ආයතනයට කැපීපෙනෙන ලෙස දායක වූ නිලධාරීන් කිහිප දෙනෙකුට ඇගයීම් ඵලක පිරිනැමීමක් ද මෙහිදී සිදු විය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 June 2015 10:09