May 08, 2024

ඔබේම ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් 

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන හෝ පවතින ව්‍යාපාරය සංවර්ධනය කරගැනීම හෝ වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රයක් සඳහා යොමු වීමට බලාපොරොත්තු වන අය සඳහා ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 

ඒ යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ විසින් දැනගතයුතු කරුණු මොනවාද; ඒ සඳහා සහය ලබාගන්නේ කෙසේද? කුමන ආයතනවලින්ද; ඔබේ නිෂ්පාදනය සඳහා ඇසුරුම් සහ ලේබල් කිරීම කෙසේ කළ යුතුද; එය වෙළෙඳපොලේදී වැදගත් වන්නේ කෙසේද; ඔබ දේශීය වෙළෙඳපොල ජයගන්නේ කෙසේද; ඔබේ ව්‍යාපාරයට පරිසර බලපත්‍රයක් අවශ්‍යද; එය ලබා ගන්නේ කෙසේද; දේශීය වෙළෙඳපොලෙන් ඔබ්බට විදේශීය වෙළෙඳපොල ජයගන්නේ කෙසේද; ඔබේ ව්‍යාපාරයට මූල්‍ය ආයතනවලින් ලබා දෙන සහාය කුමක්ද? එම මූල්‍ය සහනයන් ලබා ගන්නේ කෙසේද; ව්‍යාපාරක් ආරම්භයේ සිටම දැනගතයුතු බදු නීති රීති මොනවාද; වැනි ගැටලු වලට පිළිතුරු ඇතුළුව ව්‍යාපාරික තොරතුරු පිළිබඳව දැනුවත් කරනු ලැබේ. 

මෙම එක් දින සම්මන්ත්‍රණය සිංහල මාධ්‍යයෙන් 2015 ජූලි මාසයේදී නොමිලයේ පැවැත්වීමට කටයුතු සලසා ඇත. 

මේ සඳහා ලියාපදිංචි වීමට කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009, 0713660033  යන දුරකථන අංක වලට අමතා හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊමේල් පණිවිඩයක් එවීම මගින් තොරතුරු ලබා ගත හැකි වේ.

 

Rate this item
(0 votes)