May 07, 2024

ඩොලර් මිලියන 50ක මැගී නූඩ්ල්ස් විනාශ කෙරේ

ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වටිනා මැගී නූඩ්ල්ස් තොගයක් විනාශ කිරීමට නෙස්ලේ සමාගම තීරණය කර ඇති බව BBC ලෝක සේවය වාර්තා කරයි.
 
එම පුවතට අනුව ඉන්දියාවේ ආහාර ආරක්ෂණ පාලන අධිකාරිය විසින් මැගී නිෂ්පාදන තහනම් කිරීමෙන් පසු නෙස්ලේ සමාගම විසින් එම පියවර ගැනීමට තීරණය කර ඇති බව පැවසේ.
 
ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පැවැත්වූ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ සමහර මැගී නිෂ්පාදන වල ආරක්ෂාකාරී මට්ටමට වඩා ඊයම් අඩංගුවී තිබෙන බව යි.
 
එරට ක්ෂණික නූඩ්ල්ස් වෙළඳ පොළෙන් 80% සතු වන්නේ නෙස්ලේ සමාගමට වන අතර පනවා ඇති තහනමට අභියෝග කරන ඔවුන් පවසා සිටින්නේ තම නූඩ්ල්ස් ස්ථිර වශයෙන්ම ආරක්ෂිත බව යි.
 
ඒ අනුව තහනම අභියෝගයට ලක් කරමින් නෙස්ලේ සමාගම විසින් මුම්බායි මහාධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 June 2015 21:30