May 05, 2024

නොමිලේ වයි-ෆයි පහසුකම් ඇති බස් සහ දුම්රිය ස්ථාන මෙන්න

දිවයිනේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වනවිට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

කොළඹ, ගම්පහ, මාතර, පොළොන්නරුව, යාපනය, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුලු නගරවල මෙම වයිෆයි පහසුකම් ස්ථාපිත කර තිබෙන බව නියෝජිතායතනය සඳහන් කරයි.

නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙය සිදු කරන බවත් පොදු ප්‍රවාහන සේවාවන් සදහා ජනතාව වැඩි වශයෙන් යොමු වන අවධියක මගී ජනතාවට මෙය මහත් වාසියක් බවත් නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ  ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා පැවසී ය.

මේ වනවිට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී තිබෙන පොදු ස්ථාන ගණන  105කි.     

Rate this item
(0 votes)