May 05, 2024

මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් ලැබෙන අදායම අහිමි වෙයි  

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම ඉකුත් ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් 36.5% කින් අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.

පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුවවන්නේ යුරෝපා වෙළෙඳපොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේ දී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.

ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළෙඳපොළවන්නේ යුරෝපීය සංගමයයි.

පසුගිය ජනවාරි 15 වැනි දා පටන් ලංකාවෙන් මිල දී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.

මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට නියමිත ය.

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම අත්හිට වූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.

ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදනවලින් 50% ක් පමණම මිල දී ගන්නේ යුරෝපා සංගමය විසිනි.

යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.

Rate this item
(0 votes)