May 05, 2024

'ව්‍යවසායකත්ව සම්මාන 2015' දියත් කිරීම කර්මාන්ත ඇමති ප්‍රධානත්වයෙන් 

ව්‍යවසායකත්ව සම්මාන 2015 දියත් කිරීම පසුගියදා කොළඹ රමාඩා හෝටලයේ පැවති උත්සවයකදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් සිදුකරන ලදී.

ශ්‍රීලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ව්‍යවසාය සම්මාන උලෙළ මේ වසරේ දෙසැම්බර් 30 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, 1993 වසරේ සිට පවත්වන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටය. 

අඛන්ඩව වසර 20ක් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර මට්ටමේ එකම සම්මාන උලෙළ මෙම සම්මාන උලෙළ වේ. කුඩා, මධ්‍ය, විශාල හා මහා පරිමාණ ලෙස අංශ 4කින් යුක්තව පැවැත්වෙන මෙම සම්මාන උලෙළේ මෙවර තේමාව “ව්‍යාපාර වීරයෝ”ලෙස හදුන්වා දී ඇත. 

මෙහිදී ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝක ව්‍යවසායකත්ව දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත් ආසියානු-පැසිපික් කලාපයේ රටවල් අතර එය 11 වන ස්ථානය බවත්ය. 

 

Rate this item
(0 votes)